අඩසියවසක චීන-යුරෝපා සංගම් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ ශක්තීන් පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා, ජර්මනියේ බර්ලින් නුවරදී එරට විදේශ අමාත්‍ය Johann Wadephul මහතා සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්විය.

එහිදී වං යී මහතා පෙන්වා දුන්නේ, මෙම වසර චීනය සහ යුරෝපා සංගමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සාංවත්සරික වසර බවයි. මෙය අවස්ථාවක් ලෙස සලකමින්, ඉතිහාසයේ වැදගත් පාඩම් මනාව සාරාංශ කර තහවුරු කළ යුතු බව ඔහු පැවසීය. චීන-යුරෝපා සංගම් සබඳතා ස්ථානගත කිරීම හවුල්කාරිත්වය වන අතර, ප්‍රධාන ධාරාවේ නියෝජනය සහයෝගීතාවයයි. ඉන් ප්‍රධාන වටිනාකම වන්නේ ස්වාධීනත්වය වන අතර, සංවර්ධන අපේක්ෂාව වන්නේ පොදු ජයග්‍රහණයයි. මෙම වසර තුළ ඉහළ පෙළේ හුවමාරු හරහා දෙපාර්ශ්වයේම කැපවීමෙන් උපයාගත් සහයෝගීතාවයේ ජීවගුණය ප්‍රවර්ධනය කළ යුතු බව, චීන විදේශ අමාත්‍යවරයා එහිදී කියාසිටියේ ය.

චීනයේ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය අපනයන පාලනයන් පිළිබඳව අදහස් දක්වමින්, වං යී මහතා පෙන්වා දුන්නේ, චීනයේ ප්‍රතිපත්ති ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූල වන අතර, ලෝක සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ද උපකාරී වන බවයි. දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය අපනයනය පිළිබඳ චීනය සහ යුරෝපය අතර කිසිදා ගැටලුවක් ඇති වී නොමැති බැවින් ඉදිරියටත් එසේ විය යුතු ය. චීනය සහ යුරෝපය අතර මෙම ගැටලුව තීව්‍ර කිරීම යම් පාර්ශ්වයන්ගේ සැඟවුණු අරමුණක් බව  ද වං යී මහතා සඳහන් කළේ ය.