අධ්‍යාපනික ක්ෂේත්‍රයෙන් චීනය ප්‍රබල රටක් ලෙස ගොඩනැංවීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.
හෙට (01) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත ‘Qiu Shi’ සඟරාවේ 11 වැනි කලාපයේ එළි දැක්වෙන, ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ලිපියක් වන ‘අධ්‍යාපනික ක්ෂේත්‍රයෙන් ප්‍රබල රටක් ගොඩනැංවීම කඩිනම් කිරීම’ යන්නෙහි ඒ බව දැක්වෙයි.
2012 වසරේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු , අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පක්ෂ ක්‍රියාමාර්ග පූර්ණ වශයෙන් අනුගමනය කර ඇති බව ෂී ජින්පිං මහතා එම ලිපියෙන් පෙන්වා දෙයි. එහිදී විද්‍යාව හා අධ්‍යාපනය හරහා රට පණගැන්වීම සහ අධ්‍යාපනයේ නවීකරණය වේගවත් කිරීම පිළිබඳ තීන්දු තීරණ ගෙන ඇත. එමෙන් ම, 2035 වසර වන විට, අධ්‍යාපනික ක්ෂේත්‍රයෙන් ප්‍රබල රටක් ගොඩනැංවීමේ අරමුණ නියම කර ඇති බව ද එම ලිපියේ සඳහන් ය.
මේ අතර, පුද්ගලයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය, වෘත්තිකයන් පෝෂණය, මහජනතාවට සපයන අධ්‍යාපන සේවාවන් හි ගුණාත්මකභාවය නංවාලීම, ආචාර්ය මණ්ඩලයේ නිපුණතාවන් ඉහළ මට්ටමකට ගෙන ඒම, ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමකට ලක් විය හැකි අධ්‍යාපන මධ්‍යස්ථාන ගොඩනැංවීම ඇතුළු කාර්යයන් හි වැදගත්කම් ද චීන ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.