“අන්‍යෝන්‍ය තීරුබදු” සම්පූර්ණයෙන්ම අවලංගු කරන ලෙස චීන වාණිජ අමාත්‍යාංශය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
පරිගණක, ස්මාර්ට් ජංගම දුරකථන, අර්ධ සන්නායක නිෂ්පාදන උපකරණ සහ ඒකාබද්ධ පරිපථ ඇතුළු නිෂ්පාදන කිහිපයක “අන්‍යෝන්‍ය තීරුබදු” අවලංගු කරන බව ඇමරිකාව 12 වනදා ප්‍රකාශ කළ බව වාර්තා වේ. ඒ පිළිබඳව චීන වාණිජ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වමින් මේ බව පැවසීය.
එය ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” යන වැරදි තීරණය නිවැරදි කිරීමේ සුළු පියවරක් බව චීන වාණිජ අමාත්‍යංශය පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, ඊනියා “අන්‍යෝන්‍ය තීරුබදු” නියෝගය මූලික ආර්ථික හා වෙළඳපොල නීති උල්ලංඝනය කිරීමක් වන බවත්, එය රටවල් අතර සහයෝගීතාවය සහ සැපයුම්-ඉල්ලුම් සම්බන්ධතාවය නොසලකා හැරීමක් බවත් සඳහන් කෙරේ.
ජාත්‍යන්තර ප්‍රජාවේ සහ ඇමරිකාව තුළ විවිධ පාර්ශ්වයන්ගේ තාර්කික හඬට ඇමරිකාව සවන් දිය යුතු බව චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කර ඇත. එවැනි සරල පියවර වෙනුවට, වැරදි නිවැරදි කිරීමට ඇමරිකාව “අන්‍යෝන්‍ය තීරුබදු” සම්පූර්ණයෙන්ම අවලංගු කළ යුතුය. අන්‍යෝන්‍ය ගරුත්වයෙන්, සංවාද මගින් මතභේද විසඳා ගැනීමේ නිවැරදි මාවතට නැවත පැමිණෙන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.