අප්‍රිකානු රටවල් සඳහා චීනය ශුන්‍ය තීරුබදු පියවර ගැනීම එක්සත් ජාතින්ගේ සැසසුමට

රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති අප්‍රිකානු රටවල් 53ක් සඳහා ශුන්‍ය තීරුබදු පියවර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට චීනය ගත් තීරණයට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් මහතා ප්‍රශංසා කරයි.

හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (14) ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබාහි පිහිටි අප්‍රිකානු සංගම් මූලස්ථානයේදී ආරම්භ වූ 39 වන අප්‍රිකා සංගම් සමුළුව අතරතුර පැවති මාධ්‍ය හමුවකදීය.

2026 වසරේ මැයි මස 01 වන දින සිට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති අප්‍රිකානු රටවල් 53ක් සඳහා ශුන්‍ය තීරුබදු පියවර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට චීනය තීරණය කර ඇතැයි ගුටෙරෙස් මහතා එහිදී සඳහන් කළේය.

ඒ හා සමාන පියවර ගන්නා ලෙස හෙතෙම එහිදී සියලුම සංවර්ධිත රටවලින් සහ ප්‍රබල ආර්ථිකයන් ඇති රටවලින් ඉල්ලා සිටියේය.