අමෙරිකානු ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගනී…

හිටපු අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් යළිත් වරක් ජනපති සිහිනය සැබෑ කර ගනිමින් ධවල මන්දිරයේ බලය නැවතත් තමා යටතට ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ ජනපතිවරණයේ ජය තහවුරු කර ගැනීමට අවශ්‍ය අමෙරිකානු ඡන්ද විද්‍යාල 270 ද ඉක්ම වූ ජයග්‍රහණයක් ලබමින්.

ඒ අනුව සිය ප්‍රතිවාදී අපේක්ශිකා, වත්මන් උප ජනපති කමලා හැරිස් පරාජය කළ ට්‍රම්ප් අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඉදිරියේදී නිල වශයෙන් දිවුරුම් දෙනු ඇති.

මෙවර මැතිවරණයෙන් අමෙරිකානු ඡන්ද විද්‍යාල 279 ක බලය ට්‍රම්ප්ට හිමි වූ අතර ඔහුට තියුණු සටනක් දීමට කමලා හැරිස් සමත් වීම ද වඩාත් කැපී පෙනුනා.

කෙසේවෙතත් ඇයට අවසානයේ ජය ගත හැකි වූයේ ආසන 223 ක් පමණයි.