අශ්වයාගේ නව වසර වෙනුවෙන් ශ්‍රී ලංකා ජනපති ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්ගෙන් සුබ පැතුම්

උදා වන්නාවූ චීනයේ අශ්වයාගේ නව වසර වෙනුවෙන් රටවල් රැසක රාජ්‍ය නායකයෝ හා ජාත්‍යන්තර සංවිධානවල නායකයෝ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත සුබ පැතුම් එක් කරති.

ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර දිසානායක මහතා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කරන්නේ චීනය තම රටේ විශ්වාසවන්ත මිතුරෙකු ලෙස සලකන බවයි. දිගු කාලයක් තුළ චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ස්ථිර සහාය වෙනුවෙන් හෙතෙම සිය ස්තුතිය පළ කරයි. එළඹෙන අශ්වයාගේ වසර තුළ, චීනයට තවත් ඉහළ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට මෙන්ම ස්‍යෙභාගය ළඟා කර ගැනීමටත්, ජනතාවට සැපවත් ජීවිතයක් ලැබීමටත් හැකි වේවායි අනුර ජනාධිපතිවරයා එහිදී සුබ ප්‍රාර්ථනා කර තිබේ.

ගෙවුණු වසර තුළ, රුසියානු-චීන නව යුගයේ පූර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වය සාධනීය ලෙස ඉදිරියට පවත්වා ගෙන යමින් සාධනීය ප්‍රතිඵල ලබා ඇති බව පැවසූ රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා චීන ජනතාවට සුබාශිංසන එක් කළේය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ද වීඩියෝ ආකාරයෙන් චීන ජනතාවට සුබ පැතුම් පිරිනැමීය. චීනයටත් චීන ජනතාවටත් බහුපාර්ශ්වවාදය හා ගෝලීය එකමුතුව වෙනුවෙන් ලබා දී ඇති දායකත්වය පිළිබඳව හෙතෙම එහිදී ස්තුතිය පළ කළේය.

එමෙන්ම, පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහ මාලදිවයින, නේපාලය, මොංගෝලියාව, හංගේරියාව, සර්බියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, අරාබි එක්සත් එමීර් රාජ්‍යය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය, අසර්බයිජානය, කෙන්යාව, සෙනගාලය, සෙරලියොන් ඇතුළු රටවල ජනාධිපතිවරු ද චීන නව අවුරුදු උදාව වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළහ.