‘අසමානාත්මතාවය තුරන් කරමින් සංවර්ධන අයිතිවාසිකම් තහවුරු කිරීම’යන සංසදය සාර්ථකව පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වන සැසිවාරය පැවැත්වීමට සමගාමීව මානව හිමිකම් සංවර්ධනය පිළිබඳ චීන අධ්‍යයන ආයතනයේ මූලිකත්වයෙන් ඉකුත් 13 වනදා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී එම සංසදය පැවැත්විණ.
ආර්ථිකමය, සමාජමය හා පාරිසරික යන ක්ෂේත්‍ර ඔස්සේ වර්තමානයේ ගෝලීය වශයෙන් මතුව ආ බහුවිධ අර්බුද හමුවේ සැම තැනැත්තෙකුට හිමි සංවර්ධන අයිතීන් නිර්මාණශීලි ක්‍රමවේදයකින් සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ.
මේ සම්බන්ධයෙන් අදාළ සංසදයට එක්වූ විද්වතුන් පැවසුවේ චීනය ඉදිරිපත් කළ ‘ගෝලීය සංවර්ධන මුලපිරුම’, ‘පුළුල් සභහාගීත්වය’යන මූලධර්මය මත පදනම් කර ගන්නා බවත්, මෙය සංවර්ධන අයිතිවාසිකම්හි සමානාත්මතාව තහවුරු කිරීමක් බවත්ය. සහභාගිත්වය, නම්‍යශීලිත්වයෙන් යුත් තිරසර ගෝලීය පාලන පද්ධතියක් පොදුවේ ගොඩ නැංවීම උදෙසා සහයෝගීතාව තහවුරු කර ව්‍යුහාත්මක අසමානාත්මතාවය තුරන් කරන ලෙස සංසදය හරහා ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබේ.