ආගමන හා විගමන පාලනයට අදාළව චීනය නව ප්‍රතිපත්තීන් 10ක් නිකුත් කර ඇත. චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවය හා ගුණාත්මක සංවර්ධනය තවදුරටත් තහවුරු කිරීම සඳහා ඒවා සකස් කර තිබේ. චීන ජාතික ආගමන පරිපාලන ආයතනය අද (03) එම ප්‍රතිපත්තීන් හඳුන්වා දුන්නේය.
එහි සඳහන් පරිදි, එළඹෙන 05 වන දා සිට ගමන් බලපත්‍ර හිමි සංචාරකයින්ට ඍජු ව තෙවැනි ගමනාන්තයකට යාමට අවශ්‍ය නම් ඔවුන්ට ඊට අදාළ පරීක්ෂණවලට මුහුණ දීමකින් තොරව පැය 24ක් තුළ ඍජු ව අදාළ තෙවැනි ගමනාන්තය කරා යාමට හැකි ගුවන්තොටුපළ සංඛ්‍යාව 10කින් වැඩි කරනු ඇත. Tianjin, Chongqing සහ Kunming හි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද ඊට අයත් ය. එමෙන් ම, එදින සිට, චීනය හරහා තුන්වන ගමනාන්තයකට යාම සඳහා ගමන් බලපත්‍ර හිමි විදේශිකයන්ට වීසා රහිතව චීනයට ප්‍රවේශ විය හැකි ස්ථාන සංඛ්‍යාව ද තවත් 5කින් වැඩි වන අතර, එහිදී ඔවුන්ට පැය 240ක කාලයක් චීනයේ රැඳී සිටිය හැකි ය.
තවද නොවැම්බර් 20 වන දා සිට, විදේශිකයන්ට චීනයට පැමිණීමට පෙර සිය පැමිණීමේ කාඩ්පත අන්තර්ජාලය ඔස්සේ සම්පූර්ණ කළ හැකි වීම ද එම ප්‍රතිපත්තීන්ට ඇතුළත් ය.