පේරු රාජ්‍යයේදී වැදගත් ක්‍රියාකාරකමක් පැවැත්වීමට නියමිතය. ඒ එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවයි. ආරාධනයට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවට සහභාගි වීමට සූදානමින් සිටී. “ශක්තිය නැංවීම, සහයෝගීතාව සහ වර්ධනය”යන ප්‍රධාන තේමාව යටතේ, ආසියානු ශාන්තිකර කලාපයේ ආර්ථික ඒකක 21ක දේශපාලන හා වාණිජ ක්ෂේත්රවල පුද්ගලයන් විවෘත, නිදහස් හා සහයෝගීත්වයෙන් යුතු වෙළඳාම පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ. එසේම ආර්ථික අඛණ්ඩ සංවර්ධනය සහ ගෝලීය බලශක්ති පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම එම සමුළුවේදී සාකච්ඡා සඳහා අවධානයට යොමු වන යෝජනාවන් ය.
දිගු කාලීනව ආසියානු ශාන්තිකර කලාපය ගෝලීය සංවර්ධනය හා ස්ථාවරත්වය සඳහා වන එන්ජිමකි. මේ වසරේ ආසියානු ශාන්තිකර කලාපයේ ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය 2.9%ක ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාවට වඩා බෙහෙවින් වැඩි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.
ආසියානු ශාන්තිකර කලාපයේ සංවර්ධනය ලෝකයේ අනෙකුත් කලාපවලට වඩා ඉදිරියෙන් සිටින්නේ ඇයි? ඒ එම කලාපයේ දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය නිසා පමණක් නොව, එපෙක් සංවිධානයේ දායකත්වයෙන් එය වෙන් කළ නොහැකි බැවිනි. 35 වසරකට පෙර එම සංවිධානය පිහිටවූ දා සිට විවෘතභාවය, සහයෝගීත්වය සහ පොදු සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් කලාපීය ආර්ථික ඒකීයකරණ මට්ටම අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ නිරත වෙයි.
ආසියානු ශාන්තිකර කලාපයේ වැදගත් ආර්ථික ඒකකයක් වන චීනය එපෙක් සහයෝගිතාවන්ට මුල සිටම එක් ව සිටී. එපෙක් නායකයන්ගේ නිල නොවන සමුළුවලදී චීන පාර්ශ්වයේ අදහස් හා යෝජනා කලාපීය සංවර්ධන ප්‍රවණතාවයට අනුකූල වන අතර එය පුළුල් පිළිගැනීම් සහ සහායන් ලබා ගෙන තිබේ.
“ආසියානු ශාන්තිකර කලාපයේ නායකයින් වශයෙන්, අපි මෙම සියවසේ මැද භාගය වන විට ආසියානු ශාන්තිකර කලාපය සංවර්ධනය කරන්නේ කුමක් දැයි ගැඹුරින් සිතා බැලිය යුතුය. ආසියානු ශාන්තිකර සංවර්ධනයේ ඉදිරි ‘ස්වර්ණමය තිස් වසර’ නිර්මාණය කරන්නේ කෙසේද? මෙම ක්‍රියාවලියේදී එපෙක් සංවිධානය වඩාත් මනා ලෙස ප්‍රයෝජනයට ගන්නේ කෙසේ ද?” යනුවෙන් පසුගිය වසරේ පැවති එපෙක් නායකයින්ගේ නිල නොවන සමුළුවේදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වැදගත් දේශනයක් පවත්වමින් පැවසීය. එය විවිධ පාර්ශ්වයන්ගේ වැඩි අවධානයට ලක් ව තිබේ.
විවෘතභාවය හා සහයෝගිතාව අනුගමනය කිරීම යනු ආසියානු ශාන්තිකර කලාපයේ සාර්ථකත්වයේ රහස වන අතර එය ආසියානු ශාන්තිකර කලාපයේ අනාගත සංවර්ධනය සඳහා මූලික මාර්ගෝපදේශය බවට පත්විය යුතුය.