ඇතැම් රටවල් චීන විරෝධී කණ්ඩායම්වලට සහාය දීම නැවැත්විය යුතු බව චීනය පවසයි

අපරාධකරුවන් පිරිසක් සොයා චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපය තුළ නිත්‍යානුකූලව සිදුකළ පොලිස් මෙහෙයුමට එරෙහිව ඇතැම් රටවල් සිදු කළ චෝදනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.

Kwok Fung-yee ඇතුළු පලා ගොස් සැඟව සිටින අපරාධකරුවන් හත් දෙනෙකු කෙරෙහි නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුම් සිදු කරන බවත්, නීතියට අනුව හොංකොං වෙතින් පලා ගිය Lau Ka-man ඇතුළු චීන විරෝධී අපරාධකරුවන් හය දෙනා අත්‍යවශ්‍ය පුද්ගලයින් ලෙස නම් කළ බවත් හොංකොං පොලිසිය ඊයේ (24) ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව ඇතැම් රටවල් සිදු කළ පදනම් විරහිත චෝදනාවට චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී විරෝධය පළ කරමින් මේ බව පැවසුවාය.

හොංකොං පොලිසිය එම මෙහෙයුම් සිදුකර ඇත්තේ හොංකොං කලා‍පයේ ජාතික ආරක්ෂක නීතියට සහ රෙගුලාසිවලට අනුකූලවය. එය චීනයේ ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවරක් බව ද ඇය පෙන්වා දුන්නාය. අදාළ රටවල් චීනයේ ස්වෛරීත්වයට සහ හොංකොංවිශේෂ පරිපාලන කලාපයේ‍ නීතියේ ආධිපත්‍යයට ගරු කළ යුතු අතර, එවැනි චීන විරෝධී කණ්ඩායම්වලට සහාය දීම නැවැත්විය යුතු බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.