ඇමරිකානු ජාතික ආරක්ෂක ලේකම්වරයා චීනයට එරෙහිව සිදු කර ඇති අහිතකර ප්‍රකාශ සම්බන්ධයෙන් චීනය දැඩි ලෙස විරෝධය පළ කරයි.
ඇමරිකානු ජාතික ආරක්ෂක ලේකම් Pete Hegseth ඊයේ (31) සිංගප්පූරුවේ පැවති 22 වැනි ආසියානු ආරක්ෂක කටයුතු පිළිබඳ සමුළුව හෙවත් Shangri-La සංවාදයේ දී ඊනියා චීන තර්ජනයක් පිළිබඳව සැලසුම් සහගතව අතිශයෝක්තියෙන් ප්‍රකාශයට පත් කළේය. එමෙන් ම, චීන තායිවාන ප්‍රදේශය, දකුණු චීන මුහුද පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් ද ඔහු අහිතකර ප්‍රකාශ නිකුත් කර තිබේ.
මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා ඊයේ (31) පැවසුවේ ලෝකය තුළ සිය ආධිපත්‍යවාදය පෙන්නුම් කරන සැබෑ රට ඇමරිකාව බවයි. ආසියානු ශාන්තිකර කලාපයේ සාමය හා ස්ථායිතාවට විශාලතම හිරහැරයක් ද ඇමරිකාවයි. සිය අධිපතිවාදය සුරකිමින් ඊනියා ‘ඉන්දු-පැසිෆික් උපායමාර්ගය’තහවුරු කිරීම සඳහා දකුණු චීන මුහුද ආශ්‍රිත ව ඇමරිකාව ප්‍රහාරක අවි ආයුධ සැලසුම් කර ඇත. මෙය කලාපීය ආතතියක් ඇති කරමින් එම රටවල් දැඩි කණස්සල්ලකට ලක් කර ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා සඳහන් කළේය.