ඇමරිකාවට අදාළ ද්විත්ව භාවිත අයිතමවල අපනයන පාලනය ලිහිල් කෙරේ

චීනය විසින් ඇමරිකාවට අදාළ ද්විත්ව භාවිත අයිතමවල අපනයන පාලනය ශක්තිමත් කිරීම පිළිබඳ නිවේදනයේ දෙවන වගන්තිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි.

2024 වසරේ අංක 46 දරන, ‘ඇමරිකාවට අදාළ ද්විත්ව භාවිත අයිතමවල අපනයන පාලනය ශක්තිමත් කිරීම’ පිළිබඳ නිවේදනයේ දෙවන වගන්තිය අද(9) සිට 2026 වසරේ නොවැම්බර් මස 27 වනදා දක්වා අත්හිටුවීමට චීන වාණිජ අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ඒ අනුව ප්‍රතිපත්තිමය වශයෙන් ඇමරිකාවට ගැලියම්, ජර්මනියම්, ඇන්ටිමනි සහ සුපිරි දෘඩ ද්‍රව්‍යවලට අදාළ ද්විත්ව භාවිත අයිතම අපනයනය සඳහා අවසර නොදීම අත්හිටුවා ඇත. ඒ සමඟින් ඇමරිකාවට ග්‍රැෆයිට් ද්විත්ව භාවිත අයිතම අපනයනය සඳහා වඩාත් දැඩි අවසාන පරිශීලක සහ අවසාන භාවිත සමාලෝචන ක්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබේ.