ඇමරිකාවේ අතිරේක තීරුබදු සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රතිචාර

චීනයට එරෙහි ඇමරිකාවේ අතිරේක තීරුබදු සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි. ඇමරිකාවේ ධවල මන්දිර නිල වෙබ් අඩවියේ නවතම ප්‍රකාශනයකට අනුව චීනයේ ප්‍රති පියවර හේතුවෙන් චීනයට එරෙහි ඇමරිකාවේ තීරුබදු 245% දක්වා වැඩි කරන බව සඳහන් කර ඇත. අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, ඒ සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය කුමක්දැයි වාර්තාකරුවෙකු විමසීය.

මෙම තීරුබදු යුද්ධය ආරම්භ කළේ ඇමරිකාව බවත්, චීනය සිය නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා මෙන්ම ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රති-පියවර ගත් බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා පැවසීය. තීරුබදු යුද්ධයක හෝ වෙළඳ යුද්ධයක ජයග්‍රාහකයින් නොමැති බව ද ඔහු පැවසීය. චීනය සටන් කිරීමට කැමති නැති නමුත් සටන් කිරීමට කිසිසේත් ම බිය නොවන බව ඔහු අවධාරණය කළේය.