ඇමරිකාවේ ක්‍රියාවන් එරට සිටින චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට හානියක්, චීනයෙන් දැඩි විරෝධය

ඇමරිකාවේ අදාළ ප්‍රතිපත්තීන් හා ක්‍රියාවන් එරට සිටින චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට හානි කරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

චීන සිසුන්ගේ වීසා බලපත්‍ර අහෝසි කිරීමට ඇමරිකාව තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශික Mao Ning මහත්මිය අද(29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළාය.

දේශපාලනික වශයෙන් වෙනස් ජනවර්ග කෙරෙහි ඇමරිකාව වෙනස් අයුරින් සැලකීමේ ක්‍රියා එරට නිතර පෙන්නුම් කිරීමට උත්සාහ දරන ඊනියා ‘නිදහස හා විවෘතවීම’ විනාශ කිරීමකි. එමගින් එරට ප්‍රතිරූපයට හා විශ්වසනීයත්වයට ද දැඩි හානි කිරීමකි. මෙවැනි තීරණ සම්බන්ධයෙන් තරයේ ම විරුද්ධ වන චීනය ඒ පිළිබඳව ඇමරිකාවට දැනුම් දී ඇති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.