මෙවර අමෙරිකාවේ ජනපතිවරණය ජයග්‍රහණය කළ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ද සුබ පැතුම් එක් කර තිබෙනවා.
එම සුබ පැතුම සමඟින් චීන ජනපතිතුමන් පෙන්වා දී ඇත්තේ, චීනය සහ ඇමරිකාව සහයෝගයෙන් කටයුතු කිරීමෙන් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලබා ගත හැකි බවට ඉතිහාසය සනාථ කර ඇති බවයි.
එහෙත්, එම සහයෝගය පසෙකලා සටන් කරන්නේ නම් එකිනෙකාට හානි සිදු වනු ඇති බව ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
එබැවින්, ස්ථාවර, තිරසර හා නිසි අයුරින් ඉදිරියට පවත්වා ගෙන යන චීන-ඇමරිකා සබඳතාව, දෙරටේ පොදු ප්‍රතිලාභවලටත් ජගත් ප්‍රජාවේ අපේක්ෂාවන්ටත් අනුකූල වනු ඇති බව චීන ජනපතිවරයා පවසනවා.
ඒ අනුව අන්‍යෝන්‍ය ගරුත්වය, සහජීවනය, සහයෝගයෙන් පොදු-ජයග්‍රාහී බව මත පදනම් ව දෙරට සංවාදය තහවුරු කරන අතර, මතභේද නිසියාකාරයෙන් විසඳා ගත හැකි වෙතැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කරයි.
එමෙන් ම, පොදු-ප්‍රතිලාභ සහිත සහයෝගිතා පුළුල් කරමින් නවයුගයේ චීනය හා ඇමරිකාව අතර නිවැරදි ගමනක් ආරම්භ කර දෙරටට මෙන් ම ජනතාවටත් සුබසිද්ධීන් ලබා දීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කරයි.
එසේ ම, චීන උප ජනාධිපති Han Zheng මහතා ද ඇමරිකාවේ නව උප ජනාධිපති James David Vance මහතා වෙත අද සුබ පැතුම් එක් කර තිබෙනවා.