ඇමරිකාවේ බලහත්කාරී ක්‍රියාවන්ගෙන් චීනය හා මධ්‍යම ඇමරිකානු රටවල් අතර සබඳතා වර්ධනයට බාධා කළ නොහැක

ඇමරිකානු රාජ්‍ය ලේකම් Marco Antonio Rubio, චීනය සම්බන්ධයෙන් මෑතකදී කළ ප්‍රකාශය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අදහස් දක්වයි.

අද (08) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ මධ්‍යම ඇමරිකානු රටවල් සහ චීනය අතර සබඳතා වර්ධනය සම්බන්ධයෙන් ඇමරිකාව ද්වේශ සහගත මෙන්ම අසත්‍ය චෝදනා නගන බවයි. ඉන් ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන්ගේ මතවාදී පක්ෂපාතිත්වය හා සීතල යුද සංකල්පය පිළිබිඹු වේ. ඊට චීනය දැඩිව විරුද්ධ වන බව Lin Jian මහතා කියා සිටියේය.

ඇමරිකාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිදු කරන බලහත්කාරී ක්‍රියාවන් තුළින් චීනය හා මධ්‍යම ඇමරිකානු රටවල් අතර සබඳතා වර්ධනය වීම කෙරෙහි බාධා එල්ල කළ නොහැකි ය. මධ්‍යම ඇමරිකානු රටවල් සමග හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කරමින් ප්‍රාදේශීය ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කර ජනතා සුභසෙත සැලසීමට චීනය කැමැත්තෙන් සිටින බව Lin Jian මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.