රුසියානු තෙල් ආනයනය කිරීම හේතුවක් ලෙසට ගෙන චීනයට එරෙහිව අතිරේක තීරුබදු පැනවන ලෙස ඇමරිකාව මෑතකදී G7 සහ නේටෝ සංවිධානයෙන් ඉල්ලීම කළේ ය.
මේ පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, ඇමරිකාවේ හැසිරීම් ඒකපාර්ශ්වික අධිපතිවාදයක් සහ ආර්ථික බලහත්කාරකමක් බවයි. චීන සහ ඇමරිකානු නායකයින් අතර පැවති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතාවන් බරපතල ලෙස උල්ලංඝනය කෙරේ. ඉන් ගෝලීය වෙළඳාමට මෙන්ම, නිෂ්පාදන හා සැපයුම් දාමවල ස්ථාවරත්වයට ද බරපතල බලපෑමක් එල්ල විය හැකි ය. චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යාංශය පැවසීය. කිසියම් පාර්ශවයක් චීනයේ අවශ්‍යතාවලට හානි කළහොත්, චීනය අවශ්‍ය සියලු පියවර ගනිමින් සිය නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරනු ඇතැයි ද, චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කළේ ය.