ඇමරිකාවේ 2025 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක පිරිවැය පනත පිළිබඳව චීනය අප්‍රසාදය පළ කරයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (23) 2025 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක පිරිවැය පනතට අත්සන් තබා ඇත. චීනයට අදාළ සෘණාත්මක කරුණු ඇතුළත් එම පනත පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා ය.
ඇමරිකාවේ 2025 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක පිරිවැය පනත“චීනයේ තර්ජනය”මතු කරමින් තායිවානයට යුදමය ආධාර ලබා දෙමින් චීන-ඇමරිකා සම්බන්ධතා ස්ථාවර කිරීමේ උත්සාහයට බාධා කරන බව ඇය එහිදී කියා සිටියා ය. මේ පිළිබඳව චීනය ඇමරිකාවට දැඩි අප්‍රසාදය පළ කරන බව ඇය ප්‍රකාශ කළා ය. තායිවානයට යුදමය ආධාර ලබාදීම නතර කරන ලෙසත්, විද්‍යා තාක්ෂණය සහ ආර්ථික හා වෙළඳ කරුණු දේශපාලනීකරණයට ලක්කිරීම නතර කරන ලෙසත්, සිය හමුදාමය පිරිවැය වැඩි කිරීම හා ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා නිදහසට කරුණු සෙවීම නතර කරන ලෙසත්, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එමෙන්ම ඇමරිකාවේ 2025 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක පිරිවැය පනතේ ඇතුළත් චීනයට අදාළ සෘණාත්මක වගන්ති බලාත්මක නොකළ යුතු බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව අවධාරණය කර තිබේ.