ඇමරිකාව අඛණ්ඩව අයුතු ලෙස ක්‍රියා කළහොත් ඊට එරෙහිව නිසි පියවර ගැනීමට චීනය සූදානම්

ඇමරිකාව අයුතු ලෙස ක්‍රියා කළහොත් අවශ්‍ය පරිදි නිසි ප්‍රතිචාර දැක්වීම‍ට පියවර ගන්නා බව චීනය පවසයි. 

චීනයෙන් ආනයනය කෙරෙන නිෂ්පාදනවලට එරෙහිව ඇමරිකාව සියයට 10ක අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන වාණිජ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකවරයා අද (28) මෙම අදහස් පළ කළේය. 

ඒක පාර්ශ්වික තීරුබදු ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කිරීමක් වන අතර එය බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය විනාශ කිරීමකි. චීනය ඊට දැඩි විරෝධය පළ කරයි.

චීනය ලොව මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිපත්ති දැඩිව මෙන්ම මුළුමනින්ම ක්‍රියාත්මක කරන රටවලින් එකකි. ඇමරිකාව ඇතුළු අදාළ රටවල් සමඟ චීනය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගීතා සක්‍රිය ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බව ද හෙතෙම පැවසීය. එහෙත් සත්‍යය තත්ත්වය නොසලකා හරිමින් ඇමරිකාව Fentanyl ගැටළුව හේතු කොට ගෙන චීන නිෂ්පාදියන්ට සියයට 10ක තීරුබදු අතිරේක ව පනවා ඇත. මෙවර තවදුරටත් අතිරේක තීරුබදු පැනවීම හරහා ඇමරිකාව යළිත් තර්ජනය සිදු කර ඇත. තම රට තුළ පවතින ගැටළුවෙහි වගකීම වෙනත් රටවලට පැවරීමට ඇමරිකා උත්සාහ කරමින් සිටින අතර එය සිය ගැටළු විසඳා ගැනීමට ඉවහල් නොවන බව පැහැදිලිය. එයින් ඇමරිකාවේ ව්‍යවසායන් හා පාරිභෝගිකයින්ට එල්ල වන බලපෑම් වැඩි වන අතර ගෝලීය කර්මාන්ත දාමයේ ස්ථාවරත්වය ද විනාශ වනු ඇත. එසේම ඇමරිකාව අඛණ්ඩව අයුතු ලෙස ක්‍රියා කළහොත් චීනය ඊට එරෙහිව නිසි ප්‍රතිචාර දක්වන බව චීන වාණිජ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකවරයා අවධාරණය කළේය.