ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ විකිණීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ විකිණීම සම්බන්ධයෙන් චීනය තරයේ විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි.

ඇමරිකාව තායිවානය වෙත අවි ආයුධ විකිණීම පිළිබඳව අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී, වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

ඇමරිකාව තායිවානය වෙත අවි ආයුධ විකිණීමට දැඩි ලෙස විරුද්ධ වන චීනයේ ස්ථාවරය පෙර මෙන්ම ස්ථීර වන අතර පැහැදිලි බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය. ඇමරිකාව එකම චීනය යන මූලධර්මයට සහ චීන – ඇමරිකානු ඒකාබද්ධ නිල නිවේදන තුනෙහි විධිවිධානයන්ට දැඩි ලෙස අනුකූල විය යුතු බව ඔහු පැවසීය. එමෙන්ම ඇමරිකාව තායිවානයට අවි ආයුධ විකිණීම නතර කළ යුතු බවත්, චීන-ඇමරිකානු සබඳතාවෙහි ස්ථාවර වර්ධනය සහ තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු බවත් Guo Jiakun මහතා වැඩිදුරටත් පැවසීය.