ඇමරිකාව චීන ව්‍යවසායන් රැසක් “අපනයන පාලන ලැයිස්තුවට” ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි. අද(13) චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.
ඇමරිකාව ජාත්‍යන්තර පටිපාටිය හා ජාතිකාරක්ෂාව සහතික කිරීමේ සංකල්පය ප්‍රයෝජනයට ගනිමින් ඒකපාර්ශ්විකවාදය හා හිරිහැර කිරීම් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම ඇමරිකාව චීනය ඇතුළු විවිධ රටවල ව්‍යවසායන් කෙරෙහි ප්‍රහාර එල්ල කර වෙනත් රටවල් අතර නිසි වාණිජ ගනුදෙනු විනාශ කර තිබේ.ඇමරිකාවේ ක්‍රියාවන් ඒ ඒ රටවල ව්‍යවසායන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් හා ජයග්‍රහණ දැඩි ලෙස විනාශ කරමින් ගෝලීය සැපයුම් දාමය හා කර්මාන්ත දාමයේ සුරක්ෂිතභාවයට හා ස්ථාවරත්වයට ප්‍රහාර එල්ල කරන බව ද එහි දී ප්‍රකාශ කෙරිණ. චීනය ඊට දැඩි විරෝධය පළ කරන බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසීය.