ඇමරිකාව මෑතකදී එරට අධ්‍යාපනය ලබන ඇතැම් චීන සිසුන් සඳහා වීසා අවලංගු කිරීම ජාත්‍යන්තර විවේචනයට ලක්ව තිබේ. ඇමරිකාවේ එම පියවර සම්බන්ධයෙන්, චීනය ද දැඩි විරෝධය පළ කරයි. එම පියවර දෘෂ්ටිවාදාත්මක අගතිය මත පදනම් වූවක් බවත් එය චීන-ඇමරිකානු අධ්‍යාපන සහයෝගීතාවයට සහ ඇමරිකාවේ සිටින චීන සිසුන්ගේ අයිතිවාසිකම්වලට හානි කරන බවත් චීනය අවධාරණය කර තිබේ.
මෑත වසරවලදී, ඇමරිකානු රජය “ජාතික ආරක්ෂාව” යන්නට මුවා වී ඇමරිකාව හා චීනය අතර “මානව ශාස්ත්‍ර විසංයෝජනය” සිදු කිරීමට උත්සාහ කරයි. චීන සිසුන් සඳහා සීමාවන් දැඩි කිරීම අඛණ්ඩව කරගෙන ගොස් ඇත. එමෙන්ම චීනය සමඟ උපායමාර්ගික තරඟයට යොමු වෙමින් පුද්ගලික දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමට උත්සාහ දරමින් සිටී. ඒ සඳහා ඇමරිකානු දේශපාලනඥයන් ජාත්‍යන්තර සිසුන්ගේ අයිතිවාසිකම් පවා දේශපාලනීකරණය කළ බව විශේෂඥයින් පෙන්වා දී තිබේ.
2019 වසරේදී ඇමරිකාවේ සිටින චීන සිසුන් සංඛ්‍යාව 370000 සිට 277000 දක්වා පහත වැටී ඇති බව දත්ත පෙන්වා දෙයි. නමුත් චීන සිසුන් තවමත් ඇමරිකාවේ සිටින විදේශීය සිසුන්ගේ දෙවන විශාලතම ප්‍රභවයයි. වීසා සීමා කිරීම් ඇමරිකානු විශ්වවිද්‍යාලවල ආදායමට සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාවයට බලපානු ඇත. ජාත්‍යන්තර සිසුන් සෑම වසරකම ඇමරිකාවට ඩොලර් බිලියන 50ක ආර්ථික ප්‍රතිලාභයක් ලබා දෙන අතර, සේවා වෙළඳාමේ අතිරික්තයෙන් සැලකිය යුතු ප්‍රමාණයක හිමිකම චීනය සතු ය.
චීන දක්ෂතා බැහැර කිරීම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ඇමරිකාවේ නායකත්වය දුර්වල කරන බව ගූගල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී Eric Emerson Schmidt මහතා අනතුරු ඇඟවීමක් කළේය. ඒ සමඟම හාවඩ් සහ MIT යනාදී ඇමරිකානු විශ්වවිද්‍යාල සහ විද්‍යා හා තාක්ෂණික දැවැන්තයින් ඇමරිකාවේ මෙම ප්‍රතිපත්තියට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. එය නවෝත්පාදනය සහ අධ්‍යයන නිදහස අඩපණ කරන්නක් බව ඔවුන්ගේ විශ්වාසයයි.
ඇමරිකාවේ මෙම ක්‍රියාමාර්ග එහි ආර්ථික හා තාක්ෂණික තරඟකාරිත්වයට හානි කර ඇති අතර ලොව පුරා ජාත්‍යන්තර සිසුන්ගේ කනස්සල්ලට ද හේතු වී ඇත. ඇමරිකාව එම “මානව ශාස්ත්‍ර විසංයෝජනය” සඳහා කටයුතු කළහොත්, එය අවසානයේ කුසලතා හිඟ වීමේ සහ ජාත්‍යන්තර වශයෙන් හුදකලා වීමේ දූෂ්කර තත්ත්වයට එරට ඇද දමනු ඇත.