ඇමරිකාව “2025 මූල්‍ය වර්ෂය සඳහා වන ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත”ට පසුගියදා අත්සන් කරනු ලැබුවේ, එරට හමුදා අයවැය ඇමරිකානු ඩොලර් බිලියන 895ක අගයක් දක්වා ඉහළ නංවමින් පිහිට වූ ඓතිහාසික වාර්තාවක් ද සමඟිනි. එලෙස හමුදා අයවැය විශාල වශයෙන් ඉහළ නැංවීම සඳහා තාර්කික බවක් නිර්මාණය කිරීම වෙනුවෙන්, අදාළ පනත “චීන තර්ජනය” අතිශයෝක්තියට නංවා ඇති අතර, ඒ හරහා චීනයේ තායිවාන ප්‍රදේශයට මිලිටරි සහාය දීම ද ඉල්ලා ඇත.
තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ගෙවුණු මාසය තුළ, ඇමරිකාව නිරන්තරව විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි වේ. අවස්ථා කිහිපයකදී ඇමරිකාව තායිවාන ප්‍රදේශයට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 385 ක අවි විකිණීම අනුමත කිරීම, ඩොලර් මිලියන 571.3 ක් වටිනා මිලිටරි ආධාර ලබා දීම ප්‍රකාශ කිරීම සහ ඩොලර් මිලියන 295 ක ආයුධ විකිණීම අනුමත කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගැනීමට ඇමරිකාව පියවර ගන්නේ ඇයි?
ඇමරිකාවේ අවි වෙළඳාම වේගවත් කිරීම සඳහා වන පීඩනයට එරට රජය උපරිමයෙන් ප්‍රතිචාර දැක්වීම ඊට හේතුවක් බව විශේෂඥ විශ්ලේෂණයන් පෙන්වා දෙයි. එමෙන්ම චීන-ඇමරිකා සබඳතාව හැසිරවීමේදී මීළඟ රජයට යම් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කිරීම ද තවත් හේතුවක් බව පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත්, තම මෙවැනි ක්‍රියාමාර්ග තායිවාන වැසියන් අධික පීඩනයකට ලක් කරමින් ඔවුන් වඩාත් භයානක තත්ත්වයකට තල්ලු කරයි ද යන්න සම්බන්ධයෙන් ඇමරිකා රජය කිසිසේත්ම නොසලකයි.
හේතුව කුමක් වුවත්, ඇමරිකාවේ මෑත කාලීන ක්‍රියාවන් එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුනෙහි ආත්මය බරපතල ලෙස උල්ලංඝනය කර ඇත. ඇමරිකාව පවසා ඇති පරිදි, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය අවංකව බලාපොරොත්තු වන්නේ නම්, ඇමරිකාව තායිවාන ප්‍රශ්නය ඉතා ප්‍රවේශමෙන් හැසිරවිය යුතු අතර, චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන හා චීනයට කළ දේශපාලන පොරොන්දුව අනුගමනය කරමින් තායිවාන බෙදුම්වාදයට ස්ථීර ලෙස විරුද්ධ විය යුතුය.