ප්‍රාදේශීය වේලාවෙන් 8 වනදා ඇමරිකාව විසින්, එරටට අපනයනය කරන චීන නිෂ්පාදන සඳහා 34% ක ඊනියා “අන්‍යෝන්‍ය තීරුබදු”, 50% කින් 84% දක්වා තවදුරටත් වැඩි කර ඇත.
ලෝක වෙළඳ සංවිධානයේ ගැටුම් විසඳීමේ යාන්ත්‍රණය යටතේ චීනය විසින් ඇමරිකාවේ නව තීරුබදු පියවර සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ලෝක වෙළඳ සංවිධානයේ නීතිරීතිවලට අනුකූලව චීනය තම නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කරන අතර බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සහ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙල දැඩි ලෙස ආරක්ෂා කරනු ඇතැයි ද ප්‍රකාශ කෙරිණ.