ඇමරිකා-පිලිපීන යුද අභ්‍යාසය කලාපීය රටවලට විවෘතව එරෙහි වීමක්  බව චීනය කියයි

ඇමරිකා-පිලිපීන යුද අභ්‍යාසය කලාපීය රටවලට විවෘතව විරුද්ධ වීමක් බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද (21) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ඇමරිකා-පිලිපීන වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාසය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම අදාළ ස්ථාවරය පැහැදිලි කර ඇත. පිලිපීනය කලාපීය රටවලට විවෘත විරුද්ධ පාර්ශ්වයක සිටින අතර ඊට කලාපීය රටවලින් දැඩි විරෝධයක් එල්ල වූ බවත් හෙතෙම සඳහන් කළේය. 

වර්තමානයේ ජගත් ප්‍රජාව ඒකපාර්ශ්විකවාදය, ආරක්ෂණවාදය මෙන්ම හිරිහැර කිරීම් යන දැඩි තර්ජනයන්ට මුහුණ දෙමින් සිටින බව හෙතෙම පැවසීය. එක්සත් කිරීම හා සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් කලාපීය ස්ථාවරත්වය පොදුවේ සුරක්ෂිත කර තර්ජනයන්ට එක්ව මුහුණ දීමට කලාපීය රටවල් අපේක්ෂා කරති. එවැනි පසුබිමක් යටතේ, පිලිපීනය බාහිර රටක් සමඟ එක්ව යුද අභ්‍යාස පවත්වා කලාපීය උපායමාර්ගික ස්ථාවරත්වය විනාශ කර ඇත.කලාපීය රටවලින් ඊට දැඩි අප්‍රසාදය හා විරෝධය පළ වන බවද  චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා මෙහිදී අවධාරණය කළේය.