ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමුළුවක් වන ලෝක ඉංජිනේරු සංවිධාන සම්මේලනයේ 2025 මහා සභාව සහ ගෝලීය ඉංජිනේරු සම්මේලනය ඊයේ (13) චීනයේ ෂැංහයි හිදී ආරම්භ විය
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු සහ උප අග්‍රාමාත්‍යවරයා ද වන Ding Xuexiang මහතා සමාරම්භක උත්සවයේදී ප්‍රධාන දේශනයක් පැවැත්විය.
චීනය නවෝත්පාදනය මත පදනම් වූ සංවර්ධන උපාය මාර්ග කෙරෙහි උනන්දුවෙන් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිමත් රටක් ලෙස සංවර්ධනය වීමට දරන උත්සාහයන් වේගවත් කරමින් සිටින බව හෙතෙම එහිදී පෙන්වු දුන්නේය.
එහිදී ඉංජිනේරු විද්‍යා තාක්ෂණයේ සැලකිය යුතු ජයග්‍රණයන්ට මුල් වී ඇති ප්‍රධාන සහ මූලික තාක්ෂණයන්හි ප්‍රධාන ජයග්‍රහණ ලබා ගනිමින් සිටින බව ද ඔහු පැවසීය.
සිය සංවර්ධනයම ලුහුබඳින අතරතුර, චීනය ගෝලීය ඉංජිනේරු විද්‍යා තාක්ෂණයේ සංවර්ධනය ද ඉහළ නංවමින් ජාත්‍යන්තර හුවමාරුව සහ සහයෝගීතාව ගැඹුරු කරමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම තිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය ඉංජිනේරු ප්‍රජාවේ ප්‍රඥාව සහ ශක්තිය අවශ්‍ය බව Ding Xuexiang මහතා මෙහිදී සඳහන් කළේය.
එහිදී ඉංජිනේරු අංශයේ විවෘතභාවය සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම, දේශසීමා ක්ෂේත්‍රයන් හි පර්යේෂණ ශක්තිමත් කිරීම, ජයග්‍රහණ බෙදා ගැනීම ප්‍රවර්ධනය සහ සම්බන්ධීකරණ පාලනය වැඩි දියුණු කිරීම පිළිබඳ යෝජනා ඔහු ඉදිරිපත් කළේය.