ඉන්දු-පාකිස්ථාන තිරසර සටන් විරාමයකට චීනය ඉදිරිපත් වේ

ඉන්දියාව හා පාකිස්ථානය යන දෙපාර්ශ්වය සමග අදහස් හුවාමරු පවත්වා ගෙන යමින් පූර්ණ තිරසර සටන් විරාමයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් සංවර්ධනාත්මක මෙහෙවරක් ඉටු කිරීමට චීනය ඉදිරිපත් වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය එසේ ප්‍රකාශ කළේ අද (19) බෙයිජිං හි පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි. ඉන්දියාව හා පාකිස්ථානය අතර පූර්ණ සටන් විරාමයක් මෙන්ම කලාපීය සාමය හා ස්ථාවරත්වය සඳහා සංවර්ධනාත්මක මෙහෙවරක් ඉටු කිරීමට චීනය එම රටවල් සමග අදහස් හුවමාරු පවත්වා ගෙන යාමට කැමැත්තෙන් සිටින බව ඇය කියා සිටියාය.