යුද ගැටුම් හේතුවෙන් උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉරානයේ සිටින චීන ජාතිකයන් 791 දෙනෙකු මේ වනවිට එරට ආරක්ෂිත ප්‍රදේශ වෙත යැවීමට පියවර ගෙන ඇත. තවත් දහසකට අධික පිරිසක් තවමත් ඉවත් කිරීමේ ක්‍රියාවලිය තුළ සිටිති. එමෙන්ම, ඊශ්‍රායලයේ රැදී සිටින තවත් චීන ජාතිකයන් පිරිසක් එරට ආරක්ෂිත ප්‍රදේශවලට මාරු කර යැවීමටත් පියවර ගෙන ඇත.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. චීන ජාතිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ලැබුණු අදාළ රටවල සහයෝගය සහ සහාය සඳහා චීනය සිය කෘතඥතාව පළ කරන බව ඔහු පැවසීය. එමෙන්ම චීන ජාතිකයන් අනාරක්ෂිත ප්‍රදේශ වෙතින් ඉවත් කිරීම සඳහා චීන විදේශ අමාත්‍යාංශය සහ අදාළ තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල තවදුරටත් පූර්ණ සහාය ලබා දෙන බව ද ඔහු සඳහන් කළේය.