ඊනියා “චීන-ඇමරිකා-රුසියානු ත්‍රෛපාර්ශ්වික න්‍යෂ්ටික නිරායුධකරණ සාකච්ඡාවට ”  එක්විය නොහැකි බව චීනය කියයි

ඊනියා “චීන-ඇමරිකා-රුසියානු ත්‍රෛපාර්ශ්වික න්‍යෂ්ටික නිරායුධකරණ සාකච්ඡාවට ” එක්වන ලෙසට ඇමරිකාව චීනයෙන්  සිදු කළ ඉල්ලීම අසාධාරණ මෙන්ම යුක්ති සහගත නොවන බව අවධාරණය කෙරේ. එය ඉටු කළ නොහැකි ඉල්ලීමක් බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(27) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළාය. 

එම ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය අවස්ථා කිහිපකදී සිය ස්ථාවරය පැහැදිලි කර ඇත. ඉතා විශාල න්‍යෂ්ටික අවි ගබඩාවක් සහිත රටක් ලෙස ඇමරිකාව න්‍යෂ්ටික නිරායුධකරණය සඳහා සැබවින්ම සුවිශේෂී ප්‍රධාන වගකීම් භාරගත යුතු ය. එය ජගත් ප්‍රජාවේ පොදු එකඟතාවක් බව ඇය සඳහන් කළාය. 

චීනය සතු න්‍යෂ්ටික බලය ඇමරිකාවේ හා රුසියාවේ න්‍යෂ්ටික බලය හා පූර්ණ ලෙස සමාන නොවන මට්ටමක පවතී. ඒ හේතුවෙන් වර්තමානයේ දී අදාළ සාකච්ඡාවට එක්වන ලෙස‍ට ඇමරිකාව චීනයෙන් සිදු කරන ඉල්ලීම අසාධාරණ, යුක්ති සහගත නොවන මෙන්ම ඉටු කළ නොහැකි ඉල්ලීමක් යැයි ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.