ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද හමුදාමය ප්‍රහාරය ෂැංහයි සහයෝගතා සංවිධානය දැඩි ලෙස හෙළා දකී

ඉරානය හමුදාමය ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් ෂැංහයි සහයෝගිතා සංවිධානය ජුනි 14 වනදා ප්‍රකාශයක් නිකුත් කරයි. ඒ අනුව මැදපෙරදිග තත්ත්වය උත්සන්න වීම පිළිබඳව එම සංවිධානය දැඩි කනස්සල්ල පළ කරන අතර ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල හමුදාමය ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ.

සිවිල් පහසුකම් සහ න්‍යෂ්ටික බලශක්ති පහසුකම් ඉලක්ක කරගත් අදාළ ආක්‍රමණශීලී ක්‍රියාවන්, සිවිල් වැසියන්ගේ ජීවිත හානියට තුඩු දී තිබේ. මෙය ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය බරපතල ලෙස උල්ලංඝනය කළ අතර, ඉරානයේ ස්වෛරීභාවයට හානි කර ඇත. කලාපීය සහ ජාත්‍යන්තර ආරක්ෂාවට ඉන් තර්ජනයක් වූ අතර ගෝලීය සාමය සහ ස්ථාවරත්වයට ද බරපතල බලපෑමක් ඇති කර ඇත.

ඉරාන න්‍යෂ්ටික ගැටලුවට සාමකාමී, දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් දැඩි ලෙස සහාය දක්වන අතර එය එකම මාර්ගය ලෙසට සලකයි.

ඉරාන ජනතාවට සහ රජයට දැඩි කණගාටුව පළ කරන බව එම ප්‍රකාශය අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සහ තම සංවිධානයේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අනුකූල වන අතර, සිය සාමාජික රටවල් අඩපණ කරන ඕනෑම ක්‍රියාවක් පිළිගත නොහැකි බව සාමාජික රටවල් විශ්වාස කරයි. ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව ස්ථිර ලෙස ආරක්ෂා කිරීමට තම සංවිධානය ක්‍රියා කරන බව ද එම ප්‍රකාශයේ සඳහන් වේ.