සිරියාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව මෑතකාලයේ පුළුල් ලෙස උල්ලංඝනය කිරීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් “දැඩි කණස්සල්ලට” පත්ව ඇතැයි ඔහුගේ ප්‍රකාශක Stephane Dujarric දෛනික මාධ්‍ය හමුවේදී ඊයේ(12) පැවසීය. සිරියාව පුරා ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීම වළක්වන ලෙස අදාළ පාර්ශවයන්ගෙන් හෙතෙම ඉල්ලා සිටි බව ප්‍රකාශකයා සඳහන් කර තිබේ.
සිරියාවේ ස්ථාන කිහිපයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සිය ගණනක් එල්ල කිරීම සම්බන්ධයෙන් මහලේකම්වරයා මේ බව සඳහන් කර ඇත.
1974 හමුදා බලරහිත කිරීමේ ගිවිසුම ක්‍රියාත්මකව පවතින බව ගුටරෙස් මහතා අවධාරණය කර තිබේ. ගිවිසුමට පටහැනි සියලු ක්‍රියා හෙළා දකින ඔහු ගෝලාන්හි සටන් විරාමයට හා ස්ථාවරත්වයට එරෙහි ඕනෑම ක්‍රියාවකින් වැළකී සිටින ලෙසත්, ගිවිසුම යටතේ ඔවුන්ගේ බැඳීම් ආරක්ෂා කරමින් සිදු කරන සියලුම අනවසර ක්‍රියා නවත්වන ලෙසත් ඊට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
සිරියාව තුළ මහජන සාමය පවත්වා ගනිමින්, විශ්වසනීය, ක්‍රමවත් සහ සියලු සංක්‍රාන්ති විධිවිධානවලට සහාය වීම අත්‍යවශ්‍ය බව මහලේකම්වරයා සඳහන් කළ බවප්‍රකාශකයා පැවසීය.