උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත පිළිගැනීමේ භෝජන සංග්‍රහයක්

උතුරු කොරියානු නායක Kim Jong-un මහතා අද(8) රාත්‍රියේ Pyongyang හිදී, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙනුවෙන් පිළිගැනීමේ‍ භෝජන සංග්‍රහයක් පැවැත්වීය. 

Kim Jong-un මහතා සහ ආර්යාව Ri Sol Ju මහත්මිය, ෂී ජින්පිං මහතා සහ Peng Liyuan ආර්යාව සාදරෙන් පිළිගත්හ.එහිදී දෙරටේ නායකයෝ සිය අදහස් පළ කළහ.

මෙම සංචාරය අතරතුර, Kim Jong-un මහතා සමග වැදගත් එකඟතාවන්ට එළඹ ඇති බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. සමාජවාදයේ අනාගත ඉරණම පිළිබඳ උපායමාර්ගික මට්ටම මත, කාලයේ පොදු ප්‍රවණතාවය ග්‍රහණය කර ගනිමින් දෙරට ජනතාවගේ පොදු අපේක්ෂාවන්ට අනුකූල වී දෙරටේ ඉහළ මට්ටමේ හුවමාරු ශක්තිමත් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම, උපායමාර්ගික හුවමාරු තහවුරු කොට, ප්‍රායෝගික සහයෝගිතාව පුළුල් කිරීමෙන් ජනතාව අතර සබඳතා වැඩි දියුණු කළ යුතුය. ඉහළ මට්ටමේ චීන-උතුරු කොරියානු සම්බන්ධතාව ඉදිරියට ගෙන යමින් දෙරටේ සමාජවාදී මෙහෙවරේ වඩාත් වැඩි සුන්දර අනාගතය එක්ව නිර්මාණය කර මානව සමාජය අඛණ්ඩව දියුණු කිරීම ප්‍රවර්ධනය කිරීමට එකඟ වී ඇති බවද ෂී ජින්පිං මහතා පැවසීය.

තවද, Kim Jong-un මහතා කේන්ද්‍රීය  කරගත් උතුරු කොරියානු කම්කරු පක්ෂයේ ස්ථිර නායකත්වය යටතේ, එරට ජනතාව පක්ෂයේ 9 වැනි නියෝජිත සම්මේලනයේදී ඉදිරිපත් කළ ඉලක්කයන් සාර්ථකව සාක්ෂාත් කරමින් උතුරු කොරියානු සමාජවාදී මෙහෙවරේ නව පරිච්ඡේදය ආරම්භ කිරීමට චීනය සුබපැතුම් එක් කරන බව ෂී ජින්පිං මහතා පවසා තිබේ.  

මාස 9කට පෙර ෂී  ජින්පිං මහතා සමග පැවති හමුවෙන් පසු නව වෙනස්කම් රැසක් සිදු වී ඇත. එහිදී නව යුගයේ අර්ථයන් සහිත උතුරු කොරියා-චීන සම්බන්ධතා ප්‍රවර්ධනය සඳහා තමා සහ ෂී ජින්පිං මහතා වැදගත් එකඟතාවන්ට එළඹි බව උතුරු කොරියානු නායක Kim Jong-un මහතා සඳහන් කළේය. එමෙන්ම, දෙරට පොදුවේ අවධානය යොමු කළ ජගත් හා කලාපීය කරුණු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කරමින් උතුරු කොරියා-චීන ගැඹුරු මිත්‍රත්වය ඉදිරියට ගෙන යාම වේගවත් කොට කලාපීය හා ලෝක සාමයේ ස්ථාවරත්වයට දායකත්වය ලබා දිය හැකි බවද හෙතෙම පැවසීය. 

ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, චීන ජනතාව සමාජවාදී නවිකරණ රටක් පූර්ණ ලෙස ගෙ‍ාඩනැගීමට, දෙවැනි සියවසේ ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමට මෙන්ම චීන ජාතියේ මහා පුනර්ජීවනය සම්පූර්ණ කර ගනිමින් දැවන්ත ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ බව උතුරු කොරියානු ජනතාව විශ්වාස කරන බවද Kim Jong-un මහතා වැඩිදුරටත් පැවසීය.