එකම චීනය යන මූලධර්මය පිළිපදින ලෙස චීනය ජර්මනියෙන් ඉල්ලයි

එකම චීනය යන මූලධර්මය පිළිපදින ලෙස චීනය ජර්මනියෙන් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, අදාළ ජර්මානු නිලධාරීන් චීනයේ තායිවාන ප්‍රදේශ‍යේ සංචාරයක නිරත වීම ගැන වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

ලෝකයේ ඇත්තේ එකම චීනයයි, තායිවානය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි බව Lin Jian මහතා පැවසීය. එකම චීනය යන මූලධර්මය ජාත්‍යන්තර සබඳතාවල පිළිගත් සම්මතයක් වන අතර එය චීන-ජර්මානු සබඳතාවල දේශපාලන පදනම ද වේ.

එකම චීනය යන මූලධර්මයට අවනත වන ලෙසත් තායිවානය සමඟ ඕනෑම ආකාරයක නිල හුවමාරුවක් නතර කරන ලෙසත් චීනය ජර්මනියෙන් ඉල්ලා සිටී. එසේම, තායිවාන බෙදුම්වාදී බලවේගවලට වැරදි සංඥා යැවීම නවත්වන ලෙස චීනය ජර්මනියෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.