එක්සත් ජාතීන්ගේ ප්‍රතිසංස්කරණයන් තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල සැලකිලි වැදගත් කොට සලකන ලෙසට චීනයෙන් ඉල්ලීමක්

එක්සත් ජාතීන්ගේ ප්‍රතිසංස්කරණයන් තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල සැලකිලි වැදගත් කොට සලකන ලෙස චීනය ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Sun Lei මහතා ඒ බව පැවසුවේ ඊයේ (6) පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ “80 වන සංවත්සර ප්‍රතිසංස්කරණ මුලපිරුම” (UN80) පිළිබඳ රැස්වීම‍ට එක්වෙමිනි.

මේ වන විට එම ප්‍රතිසංස්කරණ ක්‍රමයෙන් ඉදිරියට යමින් පවතින අතර එහි සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව Sun Lei මහතා පැවසීය. එම ප්‍රතිසංස්කරණ තවදුරටත් සහභාගිත්වයෙන් යුතු විනිවිද පෙනෙන ආකාරයකින් ඉදිරියට යනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

77 කණ්ඩායම සහ චීනය නියෝජනය කරමින් උරුගුව ඉදිරිපත් කළ ප්‍රකාශයට චීනය සහාය දක්වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ප්‍රතිසංස්කරණය සියලුම සාමාජික රටවල පොදු අපේක්ෂාව පිළිබිඹු කරනු ඇතැයි චීනයේ අපේක්ෂාව යැයිද Sun Lei මහතා කියා සිටියේය.