ජාත්‍යන්තර තත්ත්වය කොපමණ වෙනස් වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතිය චීනය තරයේම ආරක්ෂා කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(20) පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය අඛණ්ඩව පැවතියද, තම යෝජනාවට අනුව ස්ථාපිත කළ ‘සාම මණ්ඩලය’ එම සංවිධානය වෙනුවට ක්‍රියා කිරීමේ ඉඩක් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසුවේ ප්‍රායෝගික බහුපාර්ශ්වවාදය චීනය සැමවිටම අනුගමනය කරන බවයි. ජාත්‍යන්තර නීතය මත පදනම් කරගත් ජාත්‍යන්තර පටිපාටිය මෙන්ම ‘එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ’ මූලධර්මය මූලික කරගත් ජාත්‍යන්තර සබඳතා සඳහා වූ රෙගුලාසීන් චීනය දැඩි ලෙස සුරකින බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.