“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ උසස් තත්ත්වයේ සංවර්ධනයේ නව අදියරකට පිවිස ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීනයේ “එක් තීරයක් එක් මාවතක්” වැඩිපිළිවෙළ සහ ඇමරිකාවේ ඉහළ තීරුබදු ප්‍රතිපත්තිය අතර වඩා පැහැදිලි වෙනසක් පෙනෙන බව මාධ්‍ය වාර්තා මෙන්ම ගෝලීය විද්වතුන් ද සිය අදහස්වලින් ප්‍රකාශ කර ඇත. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දක්වමින් මේ බව පැවසීය.
යුරේසියානු මහාද්වීපයේ සිට අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව දක්වා, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ පහසුකම් හා ජනතාව එකිනෙකට සම්බන්ධ කර 150 කට වැඩි රටවල ජනතාවට සහයෝගී ජයග්‍රහණ ලබා දී ඇතැයි Guo Jiakun මහතා පෙන්වා දුන්නේය.
විවිධ පාර්ශ්වයන් සමඟ එක්ව “එක් තීරයක් එක් මාවතක්” වැඩිපිළිවෙළ උසස් තත්ත්වයේ සංවර්ධනයක් වෙත තවදුරටත් ශක්තිමත් කරමින්, පොදු සංවර්ධනය සහිත අනාගතයක් නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු එම අවස්ථාවේදී අවධාරණය කර ඇත.