කාර්තු හයකින් ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයේ පළමු වරට සෘණ වර්ධනයක්

මෙම වසරේ තුන්වන කාර්තුවේදී ජපානයේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය අපේක්ෂා කළ අනුපාතයට වඩා 1.8%කින් පහත වැටී ඇති බව එරට කැබිනට් කාර්යාලය අද (17) නිවේදනය කළේ ය. මෙය ගෙවී ගිය කාර්තු හය තුළ වාර්තා වූ පළමු සෘණ වර්ධනය සනිටුහන් කිරීමකි.

නවතම වාර්තාවන්ට අනුව, මිල උච්චාවචනයන් සැලකිල්ලට ගැනීමකින් තොරව, ජපානයේ මෙම වසරේ තුන්වන කාර්තුවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය, ඊට පෙර කාර්තුවට සාපේක්ෂව 0.4% කින් අඩු වී ඇත.