එක්සත් ජාතීන්ගේ 80 වන මහා මණ්ඩලය ‘කියුබාවට එරෙහිව ඇමරිකාව පනවා ඇති ආර්ථික, ව්‍යාපාරික හා මූල්‍ය කටයුතු පිළිබඳ තහංචි අනිවාර්යයෙන් ම ඉවත් කළ යුතුය’ පිළිබඳ පොදු විවාදය ඊයේ(29) පැවැත්විණ. අනතුරුව, බහුතර ඡන්දයෙන් A/80/L.6 යෝජනාව සම්මත කෙරිණ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අදාළ යෝජනාව අඛණ්ඩ ව සම්මත කළ 33 වන අවස්ථාව මෙයයි. මේ සඳහා චීනය පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
එහිදී අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 165ක් ලැබී ඇත. ඇමරිකාව, ඊශ්‍රායලය, ආජින්ටිනාව ඇතුළු රටවල් 7ක් පමණක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ඡන්දය දීමෙන් වැළකී ඇති රටවල් සංඛ්‍යාව 12කි.