හත්වැනි චීන-පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදය ඊයේ(4) බෙයිජිං නගරයේදී පැවැත්විණ. චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Ishaq Dar මහතා ඊට එක් වූහ.
දෙරටේ නායකයින් විසින් ඇති කරගත් එකඟතාවය ක්‍රියාත්මක කරමින් පොදු ඉරණමක් සහිත සමීප චීන-පාකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම වේගවත් කිරීමට චීනය පාකිස්ථානය සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා එහිදී ප්‍රකාශ කළේ ය.
මේ අතර, වෙනිසියුලාවේ තත්ත්වය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇති බව ද Wang Yi මහතා සඳහන් කළේය. කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකි යැයි චීනයේ විශ්වාසයයි. ජාත්‍යන්තර සබඳතාවලදී බලය භාවිත කරන බවට තර්ජනය කිරීමට චීනය නිරන්තරයෙන් විරුද්ධ වන අතර, එක් රටක කැමැත්තෙන් තවත් රටක් අනතුරට ලක් කිරීමට චීනය ස්ථිර ලෙස විරුද්ධ වන බව ඔහු කියා සිටියේය.
පාකිස්ථානය “එකම චීනය” මූලධර්මයට අනුගත වන බවත්, චීනයේ මූලික අවශ්‍යතා සම්බන්ධ සියලු කාරණා සම්බන්ධයෙන් චීනයට ස්ථිරව සහාය දෙන බවත් පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා එහිදී නැවත අවධාරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු ආරක්ෂා කරමින් අනෙකුත් රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කරන හිරිහැර කිරීම්වලට විරුද්ධ වීමට දෙපාර්ශ්වය එහිදී එකඟ වී ඇත.

