කොලොම්බියාව සහ උස්බෙකිස්ථානය බ්‍රික්ස් නව සංවර්ධන බැංකුවේ නිල සාමාජිකයින් බවට පත්වීම අනුමත කෙරේ. එම බැංකුව ඒ බව ප්‍රකාශ කළේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවති මාධ්‍ය හමුවකදීය.
චීනයේ ශැංහයි නගරය මූලස්ථානය කරගත් බ්‍රික්ස් නව සංවර්ධන බැංකුව, බ්‍රික්ස් රටවල් විසින් ඒකාබද්ධව පිහිටුවන ලද ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකි. බ්‍රික්ස් රටවල, නැගී එන ආර්ථිකයන්හි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සහ තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා සම්පත් රැස් කිරීම එහි අරමුණය. වර්තමානයේ පවතින බහුපාර්ශ්වික සහ කලාපීය මූල්‍ය ආයතනවලට එක් වූ ශක්තියක් ලෙස, බ්‍රික්ස් නව සංවර්ධන බැංකුව ගෝලීය සංවර්ධනයට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.