චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා එක්ව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වති. අද(08) දහවල් මොස්කව් හි ක්‍රෙම්ලිනයේ දී නායක දෙපළ හමුවීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණ.
එහිදී ෂී ජින්පිං මහතා අවධාරණය කළේ චීන ජනාධිපතිවරයා ලෙස නිල සංචාරය සඳහා වැඩිම අවස්ථාවක් පැමිණි රට රුසියාව බවයි. තමා රුසියාවේ නිල සංචාරයක නිරත වූ 11 වැනි අවස්ථාව මෙයයි. හෙට(09) දින සෝවියට් සංගමයේ මහා දේශප්‍රේමී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයේ සැමරුම් උත්සවයට තමා එක් වන බව පැවසූ ෂී ජින් පිං මහතා, මෙවර මෙම සැමරුම් උත්සවයට එක් වනුයේ වසර 10කට පසු බව පැවසීය. ගතවූ වසර 10, ජාත්‍යන්තර වටපිටාව ප්‍රබල කැළඹිළි සහගත කාල වකවානුවක් වූ අතර, චීන-රුසියා සබඳතාව වඩාත් පුළුල් අයුරින් වර්ධනය වී ඇති වසර 10 ද වෙයි. දෙරට ද්විපාර්ශ්වික සබඳතාවේ දිශානතිය හා මානව සමාජයේ සංවර්ධන ප්‍රවණතාව මැනවින් ප්‍රත්‍යක්ෂ කළ යුතු ය. දෙරටේ සංවර්ධනය, ජගත් ප්‍රජාවේ සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් වඩාත් ඉහළ දායකත්වයක් ලබා දීම සඳහා සිය වගකීම් හා යුතුකම් ප්‍රශස්ත ලෙස ඉටු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා කියා සිටියේය.
එමෙන් ම, දෙරට අතර පවතින පාරම්පාරික මිත්‍රත්වය උරුම කර දෙමින් අන්‍යෝන්‍ය පොදු-ජයග්‍රාහී බව අනුගමනය කළ යුතු බව ද හෙතෙම පැවසීය. සාධාරණත්වය, යුක්තිය, ජාත්‍යන්තර පර්යාය ආරක්ෂා කළ යුතු බවත් අන්‍යෝන්‍ය සහාය ඇතිව දුෂ්කරතා මග හරිමින් ගෝලීය පාලනයට මාර්ගෝපදේශ ලබා දීම සඳහා චීනය හා රුසියාව එක්ව ක්‍රියා කළ යුතු බවත් චීන ජනාධිපතිවරයා එම මාධ්‍ය සාකච්ඡාවේ දී පෙන්වා දුන්නේය.