ගල්ෆ් කලාපයේ කඩිනමින් සාමය උදා කරලීම සඳහා චීනයෙන් අඛණ්ඩ උත්සාහයක්

චීනය ගල්ෆ් කලාපයේ කඩිනමින් සාමය උදා කරලීම සඳහා අඛණ්ඩව වෑයම් කරන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ අද(25) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.

චීන විදේශ අමාත්‍යවරයා හා ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ දුරකථන සංවාදයක නිරත වූහ. යුද්ධය අවසන් කිරීම සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ඉරානය එහිදී අපේක්ෂා පළ කළේය. සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය මීළඟට ගන්නා උත්සාහයන් කුමක් දැයි මාධ්‍ය වේදියෙක් අද මාධ්‍ය හමුවේදී විමසීය.

ඉරානයේ යුද්ධය ආරම්භ වූ දා සිට, චීනය යුද්ධය නැවැත්වීමටත් සාමය සඳහාත් ක්‍රියාශීලිව කටයුතු කළ බවත් යුද්ධය නතර නොවුනහොත් චීනයේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමේ උත්සාහයන් ද නතර නොවන බවත් ලින් ජියන් මහතා ප්‍රකාශ කළේය. යුද්ධය අවසන් කිරීම සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය තවදුරටත් සංවර්ධනාත්මක කාර්යභාරයන් ඉටු කරනු ඇත. ගල්ෆ් කලාපයේ සාමය ඉටු කිරීමට දායක වීම සඳහා චීනය කලාපීය රටවල් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව වෑයම් කරන බව ද ඔහු සඳහන් කළේය.