ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමෙහි දෙවන අදියර වහාම ක්‍රියාත්මක කිරීම සඳහා ඊශ්‍රායලයට බලපෑම් කරන ලෙස හමාස් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් තරමින් හමාස් බලධාරීන් දැනුම් දී ඇත්තේ සාම ගිවිසුමේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන් කැප වෙමින් එහි දෙවන අදියරට එක් වීමේ අවශ්‍යතාව අදාළ පාර්ශ්වයන් වෙත අවධාරණය කරන ලෙස මැදිහත්කරුවන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බවයි.
එමෙන්ම අදාළ සටන් විරාම ගිවිසුමේ පළමු අදියර අවසන් කිරීමෙන් පසු, එහි සෙසු සියලු අදියරයන් ද ක්‍රියාත්මක කිරීමට සිය පූර්ණ කැපවීම තහවුරු කරන බව හමාස් සංවිධානය එම නිවේදනයෙන් දන්වා ඇත.
ගාසා සටන් විරාම ගිවිසුමේ පළමු අදියර පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියෙන් අවසන් වූ අතර අදියර තුනකින් යුත් එම ගිවිසුමේ දින 42ක ආරම්භක අදියර මාර්තු මස පළමු වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ.