ගැහැණු ළමුන් සහ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් වන යුනෙස්කෝ සම්මාන ප්‍රදානෝත්සවයට චීන ජනපති ආර්යාව එක්වෙයි

ගැහැණු ළමුන් සහ කාන්තා අධ්‍යාපනය සඳහා වූ 2025 වසරේ යුනෙස්කෝ සම්මාන ප්‍රදානෝත්සවය සහ එහි 10 වන සංවත්සර සැමරුම පසුගිය දා චීනයේ බෙයිජිංහිදී පැවැත්විණ. 

ගැහැණු ළමුන් සහ කාන්තා අධ්‍යාපනය පිළිබඳ යුනෙස්කෝ විශේෂ නියෝජිතවරියක් ද වන චීන ජනාධිපති ආර්යා පෙන්ග් ලියුවාන් මහත්මිය සහ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය ද මේ අවස්ථාවට එක්වූහ.

මෙහිදී අදහස් දක්වමින් චීන ජනාධිපති ආර්යා පෙන්ග් ලියුවාන් මහත්මිය අවධාරණය කර සිටියේ, බුද්ධිමත් යුගයක් කරා මානවයින් පිවිස ඇති මෙවන් මොහොතක, විද්‍යා හා තාක්ෂණික අධ්‍යාපනයේ දී කාන්තාවන්ට ප්‍රමුඛත්වය දිය යුතු බවයි.

මෙම තාක්ෂණික විප්ලවයත් සමඟ වඩාත් යහපත් ජීවිතයක් නිර්මාණය කිරීමට ඔවුන්ට ද ඉඩ සැලසිය යුතු බව ඇය මෙහිදී පෙන්වා දී ඇත.

ගැහැණු ළමුන් සහ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් චීනය, යුනෙස්කෝව සමඟින් එක්ව 2015 වසරේ සිට ආරම්භ කළ මෙම සම්මාන ප්‍රදානෝත්සවය තුළ මේ දක්වා, රටවල් 19 ක ව්‍යාපෘති 20 ක් ඇගයීමට ලක්ව තිබේ.