ගෙවුණු ජූලි මාසයේ චීන පාරිභෝගික මිල දර්ශකය වාර්ෂිකව සමාන අගයක

ඉකුත් ජූලි මස චීන පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ ජූලි මාසය හා සැසඳීමේදී සමාන මට්ටමක පවතී. දේශීය ඉල්ලුම පුළුල් කිරීම සඳහා වන චීන රජයේ ප්‍රතිපත්තිවල බලපෑම් අඛණ්ඩව මතු වීම ඊට හේතු වී ඇත.

චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (9) නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනයට අනුව, ඉකුත් ජූලි මස ආහාර මිල සියයට 1.6කින් පහළ ගොස් ඇති අතර ආහාර නොවන භාණ්ඩවල මිල සියයට 0.3කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම ඉකුත් ජූලි මාසයේ පාරිභෝගික භාණ්ඩ මිල සියයට 0.4කින් පහළ ගොස් ඇති අතර සේවා අංශයේ මිල ද සියයට 0.5කින් වර්ධනය වී තිබේ.

මේ අතර මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ, පසුගිය වසරේ එම කාලය හා සසඳන විට පාරිභෝගික මිල දර්ශකය සියයට 0.1කින් පහළ ගොස් ඇත.

කෙ‍සේවෙතත් ඉකුත් ජූලි මස චීන පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජුනි මාසයට වඩා සියයට 0.3කින් ඉහළ ගොස් ඇත. නාගරික ප්‍රදේශවල පාරිභෝගික මිල දර්ශකය සියයට 0.4කින් ඉහළ ගොස් ඇති අතර ග්‍රාමීය ප්‍රදේශවල එම දර්ශකය සියයට 0.3කින් වර්ධනය වී තිබේ.