ගෝලීය අපනයන ක්ෂේත්‍රයට නව ජීවයක් එක් කළ 138 වැනි කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන්

138 වැනි කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඊයේ (04) අවසන් විය. මෙවර කැන්ටන් ප්‍රදර්ශනයට රටවල් සහ කලාප 223 කින් විදේශීය ගැනුම්කරුවෝ 310,000 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියහ. පෙර ප්‍රදර්ශනයට සාපේක්ෂව එය 7.5%ක වර්ධනයක් වන අතර‍ නව වාර්තාවක් ද පිහිටුවීය. මේ අතර, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැගීමේ රටවලින් ගැනුම්කරුවන් 214,000 ක් සිටි අතර එය 9.4%ක වැඩිවීමකි.

මෙවර ප්‍රදර්ශනයේදී, ස්ථානීය අපේක්ෂිත අපනයන ගනුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 25.65 දක්වා ළඟා වූ අතර, එහි අඛණ්ඩ වර්ධන වේගය එලෙසම පවත්වා ගෙන ගොස් ඇත. ඒ අතරින්, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැගීමේ රටවලට කරන අපනයනය සමස්ත අපනයනවලින් 60% කට වඩා වැඩි විය.

මෙවර ප්‍රදර්ශනයේ ප්‍රදර්ශකයින් ද්‍රව්‍ය, ක්‍රියාවලීන් සහ සැපයුම් දාමයන් සම්බන්ධයෙන් නව, බුද්ධිමය සහ හරිත සංවර්ධන මාවතකට දැඩි ලෙස යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට හැකි විය. ප්‍රදර්ශනය‍ට තබා තිබූ නිෂ්පාදන ඒකක ගණන මිලියන 4.6ක් වන අතර, නව නිෂ්පාදන, හරිත නිෂ්පාදන සහ ස්වයං බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහිත නිෂ්පාදන පිළිවෙලින් 23.3%, 23.5% සහ 23.9% ක් විය.

139 වැනි කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය 2026 වසරේ අප්‍රේල් මස 15වැනිදා සිට මැයි මස 5වැනිදා දක්වා චීනයේ Guangzhou නගරයේදී පැවැත්වීමට නියමිතය.