පසුගිය වසර තුන තුළ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ, චීනය පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවේ සංකල්පයට අනුගත වෙමින් ගෝලීය ආරක්ෂක මුලපිරීම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශ්වයන් සමඟ කටයුතු කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.
2022 වසරේ අප්‍රේල් 21 වැනි දා ෂී ජින්පිං මහතා ගෝලීය ආරක්ෂක මුලපිරීම ඉදිරිපත් කළේය. මේ වන විට, ගෝලීය ආරක්ෂක මුලපිරීමට රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 120 කට වැඩි ගණනක සහාය ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් චීනය අදාළ රටවල් හා සංවිධාන සමග ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ලේඛන 120 කට වැඩි ගණනකට ප්‍රවේශ වී ඇත. මෙම මුලපිරීමේ රාමුව යටතේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවය ක්‍රමයෙන් ඉදිරියට යමින් පවතින අතර ප්‍රතිඵල රැසක් අත්කර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
ඓතිහාසික සංවර්ධනයේ ප්‍රවණතාවය ග්‍රහණය කර ගනිමින් පොදු ආරක්ෂාවේ මාවත අනුගමනය කොට, ගෝලීය ආරක්ෂක මුලපිරීම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සියලු පාර්ශවයන් සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් පැවසීය.