ගෝලීය දකුණේ සහයෝගිතාව චීනයේ විදේශ සහයෝගිතාවේ ප්‍රමුඛ දිශානතියකි

දකුණු-දකුණු සහයෝගිතාව චීනයේ විදේශ සහයෝගිතාවේ ප්‍රමුඛ දිශානතියක් බව චීනය පවසයි. 

එක්සත් ජාතීන්ගේ දකුණු-දකුණු සහයෝගිතා අරමුදලේ 30 වන සංවත්සරය සැමරීමේ උත්සවය ඊයේ(30) නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්විණ.

එක්සත් ජාතීන්ගේ දකුණු-දකුණු සහයෝගිතා අරමුදලේ අනුබල යටතේ ප්‍රායෝගික සහයෝගිතාවෙන් ලැබූ ජයග්‍රහණ පිළිබඳව චීනය ඉහළින් අගය කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා මෙම උත්සවයේදී දේශනයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. සැමවිටම සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කරන චීනය ගෝලීය දකුණේ සහයෝගිතාව සිය විදේශ සහයෝගිතාවේ ප්‍රමුඛ දිශානතියක් ලෙස සලකන බවද හෙතෙම එහිදී සඳහන් කළේය. 

1995 වසරේ දී එක්සත් ජාතීන්ගේ දකුණු-දකුණු සහයෝගිතා අරමුදල ස්ථාපිත කෙරිණ. සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතා මගින් ගෝලීය දකුණේ රටවල් පොදුවේ මුහුණ දෙන සංවර්ධන අභියෝග විසඳා ගැනීමට සහය ලබා දීම එහි ප්‍රධාන අරමුණය.