ගෝලීය මානව හිමිකම් පාලනය වැඩිදියුණු කරන ලෙස චීනය ඉල්ලා සිටී

ගෝලීය මානව හිමිකම් පාලනය වැඩිදියුණු කරන ලෙස චීනය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

ඊයේ (25) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයේදී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීනයේ නිත්‍ය නියෝජිත Chen Xu මහතා 80 කට ආසන්න රටවල් නියෝජනය කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කළේය.

බහුපාර්ශ්විකත්වය දැඩි අභියෝගවලට මුහුණ දී සිටින වර්තමානයේදී, එක්සත් ජාතීන්ගේ 80 වන සංවත්සර ප්‍රතිසංස්කරණ හරහා සියලු පාර්ශ්වයන් කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි දියුණු කළ යුතු බව Chen Xu මහතා පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් ඔහු එම අවස්ථාවේදී යෝජනා පහක් ඉදිරිපත් කර ඇත:

පළමුව, සියලු ම රටවලට ගෝලීය පාලනයට සහභාගී වීමට, තීරණ ගැනීමට සහ සමානව ප්‍රතිලාභ ලබා ගැනීමට අයිතියක් ඇත. දෙවනුව, ජාත්‍යන්තර නීතියේ සාධාරණ යෙදුම සහතික කළ යුතු අතර, ද්විත්ව ප්‍රමිතීන් වළක්වා ගත යුතුය. තෙවනුව, ඒකාබද්ධව සාකච්ඡා කිරීම, ‍ගොඩනැගීම සහ ප්‍රතිලාභ බෙදා ගැනීම ප්‍රවර්ධනය කළ යුතු අතර, ඒකපාර්ශ්විකත්වයට විරුද්ධ විය යුතුය. සිව්වනුව, ජනතාව කේන්ද්‍ර කරගනිමින් සියලු මානව හිමිකම් සමබර ලෙස වැඩිදියුණු කළ යුතුය. පස්වනුව, ගෝලීය මානව හිමිකම් පාලනය වැඩිදුයුණු කරමින්, සාමය, ආරක්ෂාව, සමෘද්ධිය සහ ප්‍රගතිය සහිත දීප්තිමත් අනාගතයක් ඒකාබද්ධව නිර්මාණය කළ යුතු බව Chen Xu මහතා යෝජනා කර ඇත.