චීනයට එරෙහි පනවා ඇති අපනයන පාලනය පිළිබඳ අනුබද්ධ රේගුලාසි වසරක කාලයක් අත්හිටුවීමට ඇමරිකාව පියවර ගැනීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි.
පසුගිය 10 වනදා ඇමරිකාවේ වාණිජ අමාත්‍යංශයේ කර්මාන්ත හා ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමෙන්තුව ෆෙඩරල් ලේඛනයට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව, පසුගිය 10 වනදා සිට එළඹෙන වසරේ නොවැම්බර් 9 වනදා දක්වා වසරක කාලයක් තුළ, අදාළ පිවයර ක්‍රියාත්මක වනු ඇත. එම කාල සීමාව තුළ, ඇමරිකාවේ අපනයන පාලනයට අදාළ සම්බාධක ලැයිස්තුවලට ඇතුළත් සමාගම්වල කොටස්වලින් සියයට 50කට වඩා හිමිකර ගත් ව්‍යවසායන්, අදාළ අනුබද්ධ රේගුලාසි හේතුවෙන් අමතර අපනයන පාලන සම්බාධකයන්ට ලක් නොවනු ඇතැයි ද එහිදී ප්‍රකාශ කෙරිණ. එය ඇමරිකාව, චීන-ඇමරිකා Kuala Lumpur ආර්ථික වෙළඳ සාකච්ඡාවේදී ලබා ගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා වැදගත් පියවරක් බව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පවසා ඇත.
අදාළ පියවර පවත්වා ගැනීමෙන් වසරකට පසු වැඩපිළිවෙල පිළිබඳව දෙපාර්ශ්වය අඛණ්ඩව සාකච්ඡා පවත්වනු ඇතැයි එම ප්‍රකාශකයා කියා සිටියේය.
අන්‍යෝන්‍ය ගරු කිරීම හා සාධාරණ සාකච්ඡා මුලධර්මය පදනම්ව සංවාදය හා හුවමාරු තහවුරු කරමින් මතභේදයන් නිසි ආකාරයෙන් පාලනය කිරීම සඳහා ඇමරිකාව සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැතෙන් සිටී. දෙරටේ ව්‍යවසායන් අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගන්නා සහයෝගිතා තහවුරු කරමින් ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමයේ ආරක්ෂාව මෙන්ම ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ඇමරිකාව සමග එක්ව උත්සාහ දැරීමට චීනය අපේක්ෂා කරන බවද චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.